ප්‍රමුඛ පුවත 1

රජයේ අක්‍රමිකතා ගැන ජනපති කොමිසමට සතියක් තුළ පැමිණිලි 70 ක්

(UTV| කොළඹ) – රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමට සතියක් තුළ පැමිණිලි 70 ක් ලැබී ඇති බව එම කොමිසම පවසයි.

පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා විමර්ශන සෙවීම සම්බන්ධයෙන් කොමිසමේ පැමිණිලි භාරගැනීම පසුගිය සිකුරාදා ආරම්භ කෙරුණි .

ලැබුණු පැමිණිලි අතුරින් දෙකක් පළමු අදියරේ විමර්ශනය සඳහා තෝරා ගෙන ඇති අතර ඊට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය විදුලි ධාරිතාව ඉහළ නැංවීම සඳහා පසුගිය කාලයේ විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදු ව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් අයත් වේ.

2015 ජනවාරි 14 සිට 2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපොළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිසමේ ප්‍රධාන කාර්යයයි.

ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි මාර්තු මස 07 වැනි දා දක්වා ඉදිරිපත් කළ හැකි අතර ඉන්ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් සභාව කාමර අංක 210, බ්ලොක් 02 දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැක.

ඊට අමතරව 011- 2 665 382 යන දුරකතන අංකයට ඒ පිළිබඳව තොරතුරු වාචිකව ඉදිරිපත් කළ හැකි වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොදුරද මහලේකම් හෙට (01) දිවයිනට

Mohamed Dilsad

රන්ජන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දෙයි

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පවත්වනවාද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment