ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී දිනේෂ්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස නියෝගයක්

(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන්  ඉවත් වන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝගකර තිබේ.ස්ථාවර නියෝග 74(1) වගන්තිය යටතේ මෙම නියෝගය ලබා දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පිළිගැනීමට හැකියාවක් නැතැයි කථානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ප්‍රකාශය හමුවේ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල  කර තිබේ.
මේ හේතුවෙන් කථානායකවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

Related posts

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

කුවේට් හිදී පීඩාවන්ට ලක්වූ 60 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

කසල තේ සමඟ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment