ප්‍රමුඛ පුවත 1

ඩෙංගු අවධානම නිසා අද සහ හෙට විශේෂ වැඩසටහනක්.

(UTV| කොළඹ) – ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝ විමේ අවධානම තත්වය අවම කර ඩෙංගු වසංගත තත්වයක් ඇති වීම වැලැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්‍ෂෙෂේත්‍ර වැඩසටහනක් අද(14) හා හෙට(15) යන දිනයන් හි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇත .

දැනට පවතින වර්ෂා තත්වයත් සමග ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙහිදී නිවාස, පාසල් , වැඩිබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන පොදු ස්ථාන ඇතුළු සමස්ථ පරිශ්‍ර නිරීක්‍ෂණයට ලක් කරන අතර මදුරැවන් බෝවන හෝ බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරයි.

මෙම සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 650 ක් පමණ එක්දිනකට සිය දායකත්වය ලබා දෙයි.

අවම වශයෙන් සතියකට වරක් විනාඩි 30 ක් වත් තම වටපිටාව ආශ්‍රිතව මදුරැවන් බෝවිය හැකි හෝ බෝවන ස්ථාන ඇත්දැයි සොයාබලා එම ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලාංකිකයින් 915 කට ද්විත්ව පුරවැසි භාවය.

Mohamed Dilsad

වෙඩි තැබීමේ සිද්ධිය ගැන එස් බී ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ජනමාධ්‍ය ඉදිරියේ බුද්ධි නිලධාරීන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් ජනපතිගේ විවේචනයට

Mohamed Dilsad

Leave a Comment