ප්‍රමුඛ පුවත 1

පොලිසියේ ප්‍රථම e-සේවාව ඇරඹේ

(උදයම්,කොළඹ) – අන්තර්ජාල භාවිතය තුළ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම e-සේවාව ඊයේ (07) පොලිස් මුලස්ථානයේ දී සිදු කෙරුණි.

1998 දී පොලිස් වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් පසු මහජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය මඟින් ලබා දුන් මෙම සේවාව තුළින් ඉතා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට බලාපොරොත්තුවේ.

ඒ හරහා මහජන මුදල් ඉතිරි කර ගැනීමට හා පොදුවේ ඕනෑම අයෙක්ට පරිහරණය කිරිමට හැකියාව හිමි වී තිබේ.

මෙම අවස්ථාවට සහභාගී වු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ මෙම පොලිස් නිෂ්කාශන වාර්තා අන්තර්ජාලය තුළින් නිකුත් කිරිම නිසා විදෙස්ගත ශ්‍රී ලාංකීකයන්ට මෙන්ම විදෙස්ගත වීමට සිටින ශ්‍රී ලාංකීකයන්ට බොහෝ පහසුවක් සිදුවන බවය.

 

Related posts

මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ?

Mohamed Dilsad

තවත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ කිසිදු සංවිධානයකට සම්බන්ධ නෑ – ඝෝටාභය රාජපක්ෂ

Mohamed Dilsad

Leave a Comment