ප්‍රමුඛ පුවත 1

අනවසරයෙන් ප්‍රංශයට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමට පියවර

(UTV| කොළඹ) – අනවසරයෙන් ප්‍රංශයේ රීයුනියන් දූපතට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීම මත තානාපති කාර්යාල හරහා අදාළ කටයුතු සිදුකරන අතර කඩිනමින් ඔවුන් යළි ගෙන්වා ගැනීමට සුදානමින් සිටියි.

පසුගිය ජනවාරි මාසයේ මීගමුව ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක් පුද්ගලයින් 70  දෙදෙනෙකු පමණ මෙලෙස පිටත්ව ගොස් ඇත.

මෙම බහුදින ධීවර යාත්‍රාව හලාවත ප්‍රංදේශයේ ධීවර ව්‍යපාරිකයෙකුට අයත් වන අතර ඔහුගේ ද අනුදැනුමකින් තොරව ධීවර යාත්‍රාවේ නියමුවා විසින් මෙම ජාවාරම සිදුකර ඇත.

ඔවුන් පසුගියදා ප්‍රංශයේ රීයුනියන් දූපතට ළඟා වී ඇති අතර ඒ පිළිබදව එරට බලධාරීන් මෙරටට දැනුම් දී ඇත.

එම පුද්ගලයින් අතර කාන්තාවන් අට දෙනෙකු සහ ළමුන් පස් දෙනෙකු ද වන බව සදහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LTTE වළ දමා තිබු රත්තරන් තොගය සොයා පොලීසිය කැණීම් කටයුතු ආරම්භයි…

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ 29,694 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

අතාවුද සෙනවිරත්න සහ W.P.ඒකනායකගේ සහය සජිත් ප්‍රේමදාසට

Mohamed Dilsad

Leave a Comment