ප්‍රමුඛ පුවත 1

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සවිබලගැන්වුණු කාන්තා සංහතියේ ශක්තිය මත රැදෙන බව ජනපති පවසයි

(උදයම්,කොළඹ)  – සවිබලගැන්වුණු කාන්තා සංහතියේ ශක්තියෙන් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම රඳා පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින ජනාධිපතිවරයා මේබව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව මාතෘත්වය පූජනීයත්වයෙන් පිළිගන්නා රටක් බව සඳහන් කරන ජනාධිපතිවරයා ඊට ලබාදෙන උසස් පිළිගැනීමෙන් සමස්ත ස්ත්‍රී ප්‍රජාවටම රැකවරණයක් ලැබෙන බවක් පෙනෙන්නට නොමැති බව ද සදහන් කළේය.

රට තුළ තිරසාර සංවර්ධනය තහවුරු කිරීමේ උත්සාහයේදී ශ්‍රී ලාංකික කාන්තාවගේ අනන්‍යතාව මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමට රජය මැදිහත්ව සක්‍රීය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

මේ අතර ලාංකීය කාන්තාවගෙන් වැඩි පිරිස ගෘහස්ථ කටයුතු වලට සීමාවීම හේතුවෙන් ශ්‍රම බලකායෙහි කාන්තා නියෝජනය අවම මට්ටමක පවතින බව කාන්තා දින පණිවිඩයෙන් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නූතන ලෝකයේ ස්ත්‍රී භූමිකාව මැනවින් අවබෝධ කරගෙන සම තැන් ගත හැකි දිරිය කාන්තාවන් රට තුළ ගොඩනැංවීම රජයේ අරමුණ බව ඔහු පවසයි.

Related posts

පොල්ගහවෙල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට නීතිඥවරුන් 217ගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

ඌව රාජ්‍ය සේවකයින් හට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතයට වාරණයක්

Mohamed Dilsad

Leave a Comment