ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල්ගේ නඩුව කල් යයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 25 වනදා දක්වා කල් දමා තිබේ.

අද එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු  ලැබීය.

මෙම මඩුව  කුරුඳුවත්ත පොලීසිය මඟින් ගොනු කර තිබුණි.

නඩුව ලබන 25 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදිනට එය විභාගය සිදුකරන බව නියම කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පියසිරි විජේනායක ,ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න ඇතුළු හය දෙනෙකු නම් කර තිබේ.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මංමාවත් අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මඟින් මෙම නඩුව පවරා තිබේ.

 

Related posts

69 වන නිදහස් දින සැමරුමට සියල්ල සුදානම්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ලංකා බැංකුවට හා මහජන බැංකුවට නව වැඩ බලන සභාපතිවරු පත්කරයි

Mohamed Dilsad

Leave a Comment