ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල ගැන තීරණය හෙට

(UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදුකෙරෙන මිල සංශෝධනය හෙට දිනයේදී දැනුම්දෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මිල කමිටුව හෙට(11) රැස්වී සමාලෝචන කටයුතු සිදුකරන බව වාර්තාවේ.

ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10වනදා මිල සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩලයලය තීරණය කර තිබේ.

පසුගිය ජනවාරි 10වනදා සිදුකල මිල සංශෝධනයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පහල දැමුණි.

එහිදී ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ගවල පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින්ද ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින්ද අඩු කෙරුණි.

ඉන්ධන මිල සූත්‍රයට අනුව අවසන් වරට ඉන්ධන මිල වැඩිවීමක් සිදුවුනේ පසුගිය ඔක්තෝබර් මස 10 වනදාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 පොදුරාජ්‍ය මාණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට ශ්‍රි ලංකාව සූදානම්

Mohamed Dilsad

මැතිවරණය පැරදුනොත් ආයි ඇමෙරිකාවට යනවා [VIDEO]

Mohamed Dilsad

මෙවර මැතිවරණයට දේශීය,විදේශීය නිරීක්ෂකයින් 7000ක්

Mohamed Dilsad

Leave a Comment