ප්‍රමුඛ පුවත 1

අගමැතිගේ ප්‍රධානත්වයෙන් අදත් වතු වැටුප් පිළිබද සාකච්ඡා…

(UTV| කොළඹ) – වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීමේ සාකච්ඡාව අද (07) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත අතර , මීට දින දෙකකට පෙර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණත් විවිධ හේතුන් මත එය අද දක්වා කල් තැබුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් ඇතුලු මන්ත්‍රීවරුන් මෙන්ම කැබිනට් නොවන කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර සහ අමාත්‍ය නවීන් දිසානායකද එක්වීමට නියමිතව ඇත.

ඊට අමතරව වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු කම්කරු සංගම් එක්වන බවයි අමාත්‍ය පලනි දිගම්බරම් කියා සිටියේය.

පසුගිය 28 වනදා වතු කම්කරුවන්ගේ  මූලික දෛනික වැටුප රුපියල් 700 ක් ලෙස ඉහළ නංවමින් මෙම ගිවිසුමට අත්සන් තැබුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව උදේ 10 රැස්වේ

Mohamed Dilsad

නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් වැඩිම ප‍්‍රතිශතයක් සිදුකළ ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

Mohamed Dilsad

වන අලි ප්‍රහාරයකින් සත්ව නියාමකවරයෙකු ජිවිතක්ෂයට .

Mohamed Dilsad

Leave a Comment