ප්‍රමුඛ පුවත 1

සිව්දින සංචාරයක් සඳහා විපක්ෂ නායකවරයා ඉන්දී්‍යාවට..

(UTV| කොළඹ) – ඉන්දියාවෙ හින්දු (The Hindu) පුවත්පත වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමුළුවේ විශේෂ ආරාධිත දේශනය පැවැත්වීම සඳහා ලැබුණු ඇරයුමක් අනුව, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම මස 08 වැනිදා ඉන්දීයාව බලා යෑමට නියමීත බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග කියයි.

ඒ අනුව, එ මහතා බැංගලෝරයේදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා සිව්දින සංචාරයක නිරත වීමට නියමීතය.

මේ මස 10 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවැත්වෙන මෙම සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා පවත්වනු ලබන විශේෂ දේශනයේ මාතෘකාව වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය හා එහි අනාගතය පිළිබඳව බවත් පැවසේ.

මේ අතර ඉන්දියාවේ සංචාරයේදී රාජපක්ෂ මහතා එරට දේශපාලන නායකයන් කිහිපදෙනකු හමුවීමට නියමිත බවද විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත ජනපති හමුවෙයි

Mohamed Dilsad

තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගුයි [VIDEO]

Mohamed Dilsad

ජනමාධ්‍ය අමාත්‍යංශ නව ලේකම් ධුරයට – චරිත හේරත් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment