ප්‍රමුඛ පුවත 1

රේගුව යළි අද සිට යළි වැඩ අරඹයි

(UTV| කොළඹ) – දින 07ක් පුරා පවත්වාගෙන ගිය අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා අද සිට යළි වැඩ ආරම්භ කිරීමට රේගු නිලධාරින් තීරණය කර තිබේ.

ඒ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී.එස්.එම් චාල්ස් මහත්මිය යළි එම ධුරයේ පිහිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට මුදල් අමාත්‍යංශය විසින් දැනුම්දීම හේතුවෙනි.

රේගු නිළධාරින්ගේ සංගමයේ උප සභාපති අමිල සංජීව මහතා සඳහන් කළේය ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමෙන් පසු සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට තීරණය කළ බවයි.

ඒ අනුව අද(06) උදෑසන සිට සියලු රේගු අංශ සුපුරුදු පරිදි සේවයේ නිරත වන බව අමිල සංජීව මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මිල පහල බැස්සත් ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් නෑ

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව අපරාධ විමර්ශනයක්

Mohamed Dilsad

අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment