විදෙස්

ආමාශය තුල නිරීක්ෂණය කිරීමට පිම්බෙන බෙහෙත් පෙත්තක්.

(UTV| ඇමෙරිකාව) – ආමාශය ආශ්‍රිත ගැටිති සහ තුවාල හඳුනා ගැනීම සඳහා සුවිශේෂී ‘බෙහෙත් පෙත්තක්’ නිෂ්පාදනය කිරීමට ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මෙම කුඩා පෙත්ත පානය කිරීමෙන් පසු එය ආමාශය තුළදී ‘පිංපොං’ බෝලයක ප්‍රමාණයට විශාල වන අතර මෙය ජෙලිමය ස්වභාවයක් ගනි.

ආමාශයික යුෂ මිශ්‍ර ජලය ස්පර්ශ වීමෙන් එම පෙත්ත මිනිත්තු 15ක් ඇතුළත පවතින විශාලත්වයට වඩා 100 ගුණයකින් විශාල වන බව විද්‍යාගාර පරීක්ෂණවලදී පෙනීගොස් ඇත.

මෙම ඖෂධය මාසයක කාලයක් ආමාශය තුළ ක්‍රියාකාරීව පවතින බව විද්‍යාඥ කණ්ඩායම සදහන් කරයි.

මෙය ඌරන් භාවිත කරමින් පරීක්ෂණයට ලක් කර ඇති අතර, මෙතෙක් මිනිසුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර නොමැත.

කැල්සියම් සංයෝගයක් පානය කිරීමෙන් මෙම පෙත්ත කලින් තිබූ ප්‍රමාණයට කුඩා වන අතර, එමගින් එය ආමාශයෙන් ඉවත් කළ හැකි බව විද්‍යාඥයින් පවස සිටියි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අත්‍යාවශ්‍ය ආහාර රැස්කරගන්නැයි චීන රජයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ඉන්දියාවේ හට ගත් ගින්නකින් පුද්ගලයන් 9 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment