ප්‍රමුඛ පුවත 1

මිලියන 20ක දුම්වැටි අල්ලයි

(UTV| කොළඹ) –  නීති විරෝධී  දුම්වැටි තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන තිබේ.

ඊයේ(31) පස්වරුවේ කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත.

පිටකොටුව ඔරලෝසු කණුව අසලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කල බව පොලිසිය පවසයි.

මෙම දුම්වැටි සහිත කන්ටේනරය ඩුබායි සිට මෙරටට නැව් අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් නීති විරෝධීව ආනයනය කර තිබේ.

රේගු පරීක්ෂාවෙන් අනතුරුව පිටතට රැගෙන යාමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.

එහි දුම්වැටි ලක්ෂ 4 ක ප්‍රමාණයක් තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වේ.

මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දස දෙනෙකුට දිවි අහිමි කල මහියංගනයේ වෑන් රථ අනතුර

Mohamed Dilsad

කිතුල් කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

Mohamed Dilsad

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යශයේ වැඩ භාරගනී

Mohamed Dilsad

Leave a Comment