විදෙස්

වායු දූෂණය හේතුවෙන් බැංකොක් පාසල් 400 ක් වසා දැමෙයි…

(UTV| බැංකොක්) – වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර පාසල් 400 ක් වසා දැමීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිසුන් විවිධ රෝගවලට ගොදුරුවීම වළක්වාගැනීමේ අරමුණින් මෙලෙස පාසල් වසා දමා ඇති බවත් , වාහනවලින් පිටවන දුම සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී පිටවන දූවිලි අංශු හේතුවෙන් දරාගත නොහැකි ප්‍රමාණයට වාතය දූෂණය වී ඇති බවත් එරට බලධාරීන් ප්‍රකාශ කරයි.

මේ වනවිට බැංකොක් නුවර මිලිමීටර් 2.5ට වඩා අඩු විෂ්කම්භයකින් යුත් ධූලි අංශු පවතින අතර , එමගින් පෙනහළු රෝග මෙන්ම පිළිකාද වැළදිය හැකි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

facebook සමාගමය දඩයක්

Mohamed Dilsad

පිලිපීනයේ තාල් දැවැන්ත පිපිරුමකට ලක්විය හැකි බව අනතුරු අඟවයි

Mohamed Dilsad

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment