ක්‍රීඩා

ඉන්දී්‍යාව පරදා නවසීලන්තය කඩුළු 08 ක දැවැන්ත ජයක් ලබයි..

(UTV| කොළඹ) – සංචාරක ඉන්දීය කණ්ඩායම සමග හැමීල්ටන්හිදි අද (31) පැවති සිව්වැනි එක්දින තරගයෙන් කඩුළු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 30 යි පන්දු 05 කදී සියළු දෙනා දැවි ලබාගැනිමට හැකිවුයේ ලකුණු 92 ක් පමණි.

ඒ අනුව ලකුණූ 93 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 04 කදී සිය එය සක්ෂාත් කර ගැනිමට සමත් විය.

මෙහිදි නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැලුණ ට්‍රෙන්ට් බොල්ට් ලකුණූ 21 කට කඩුළු 05 ක් දවා ගැනිමට සමත්විය.

මෙම තරගය ඉන්දීය නිත්‍ය නායක විරාත් කෝලී සහභාගී නොවු අතර කණ්ඩායම මෙහෙයවිමේ වගකීම රෝහිත් ශර්මා වෙත පැවරී තිබුණි.

කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-1 ලෙස ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන සිටියි.

දෙරට අතර අවසන් තරගය ලබන 03 වැනිදා වෙලිංටන්හිදි පැවැත්විමට නියමීතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ

Mohamed Dilsad

මහේලගෙන් ⁣ශ්‍රී ලංකා ටෙස්ට් පිළට කොළ සිග්නල්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක – තරඟ කාලසටහන මෙන්න

Editor O

Leave a Comment