ප්‍රමුඛ පුවත 1

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ගැන ගොවි ජනතාව දැනුවත් කිරීම අද සිට .

(UTV| කොළඹ) – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සමරම්භක උත්සවය අද (28) පෙ.ව.10.00ට දඹුල්ල පිරිවෙන්වැව  පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

මෙය ණය යෝජනා ක්‍රමය යටතේ දියත් කෙරෙන ගොවි ජන සහන ණය යෝජනා ක්‍රමය ගැන මෙරට ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් විශේෂ ණය  යෝජනා ක්‍රමයක් දියත් කොට ව්‍යාපාර දියුණු කරමින් මෙරට අර්ථිකය නැංවීම සඳහා රජය මඟින් ක්‍රම රැසක්  හඳුන්වා දුන්නේය.

මේ යටතේ රජය විසින් පොළී රහිත සහ ණය වාරික ගෙවීමේ ක්‍රම හදුන්වා දී ඇත.

මේ අවස්ථාවට අමාත්‍ය මංගල සමරවීර මහතා,  අමාත්‍ය පී.හැරිසන් මහතා,  අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා, අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු සම්භවනීය  අමුත්තන් රැසක් එක්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කප්පම් මුදල් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු මාතලේදී අත්අඩංගුවට

Mohamed Dilsad

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් – කෘෂි කාර්ම ඇමති

Mohamed Dilsad

අලූත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

Leave a Comment