ප්‍රමුඛ පුවත 1

විමල් වීරවංශ අද සී.අයි.ඩී යට.

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (28) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතය.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ඉන්දීය ජාතිකයා හෙලි කළ කරුණු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා හෙතෙම කැඳවා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය 23 වනදා පාර්ලමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් හමුදාවට නව නිෂ්පාදන අංශ දෙකක්

Mohamed Dilsad

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමේ අවසරය ඉවත් කරන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවටමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment