ක්‍රීඩා

ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි…

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය මේ වන විට පැවැත්වෙන අතර මේ වන විට පිළිතුරු ඉනිම සදහා පන්දුවට පහරදෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 86ක් ලබාගෙන සිටියි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Marcus Harris ලකුණු 44 ක්, Joe Burns ලකුණු 15 ක් සහ Usman Khawaja ලකුණු 11 ක් ලබාගත් අතර Nathan Lyonට ලබා ගත හැකිවී තිබෙන්නේ 01 ලකුණක් පමණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුළු දෙකක් දවාගත් අතර දිල්රුවන් පෙරේරා සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගෙන පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 144ක් ලබාගත්හ.

මෙහිදී නිරෝෂන් දික්වැල්ලට ලකුණු 64 ක් ලබාගැනීමට හැකිවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් චැම්පියන්ස් කුසලානයට සහභාගී වීමට පෙර(ඡායාරූප)

Mohamed Dilsad

LPL-2020 තරඟාවලිය COVID19 කාර්ය සාධක බලකායේ අවසරය

Mohamed Dilsad

Leave a Comment