ප්‍රමුඛ පුවත 1

ජනපති ඇතුළු පිරිස ඉන්දුනීසියාවේදී හරසරින් පිළිගනී

(උදයම්,කොළඹ)  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සුකර්නෝ හත්තා ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සහභාගීවීම සහ එරට නිල සංචාරයක නිරතවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(06) උදෑසන මෙරටින් පිටත්ව ගියේය.
ඉන්දුනීසියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින් ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය  නායකයින්ගේ සමුළුව හෙට දිනයේ ආරම්භ වීමට නියමිතය.

Related posts

අගමැතිගෙන් මැතිවරණ නිළධාරීන්ට තුති

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කෙරේ

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment