ප්‍රමුඛ පුවත 1

ජනපති ඇතුළු පිරිස ඉන්දුනීසියාවේදී හරසරින් පිළිගනී

(උදයම්,කොළඹ)  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සුකර්නෝ හත්තා ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සහභාගීවීම සහ එරට නිල සංචාරයක නිරතවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(06) උදෑසන මෙරටින් පිටත්ව ගියේය.
ඉන්දුනීසියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින් ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය  නායකයින්ගේ සමුළුව හෙට දිනයේ ආරම්භ වීමට නියමිතය.

Related posts

පාපන්දු මිත්‍රත්ව වැඩසටහන එක්වූ දරුවන්ට ඇමති රිෂාඩ් සුබ පතයි

Mohamed Dilsad

47වැනි බංග්ලාදේශ ජාතික නිදහස් දිනය සැමරුම වෙළඳ ඇමතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

නේවී සම්පත් යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment