ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා – පිලිපීන ජනපති හමුව අද

(UTV| කොළඹ) – පිලිපීන ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව සිව් දින නිල සංචාරයක් සඳහා පිලිපීනයට ගොස්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරේට් අතර හමුව අද (16) පැවැත්වේ.

ඉන් පසු ද්වි පාර්ශවික සාකච්ඡා ආරම්භ වේ.

අධ්‍යාපන, සංචාරක සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් කිහිපයකට ද එහිදී එළඹීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

මීට අමතරව පිලිපීනයේ ජාතික වීරවරයෙකු ලෙස සැලකෙන ආචාර්ය හූසේ රිසාල්ගේ ස්මාරකයට ද අද(16) ජනාධිපතිවරයා පුෂ්පෝහාර දක්වනු ඇත.

ඊයේ(15) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා විය.

එහිදී ඔවුන් පිළිගනු ලැබුවේ එරට වෙළඳ සහ ආයෝජන  අමාත්‍යවරයා විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පෞද්ගලික විශ්ව විද්‍යාල පනත පරාජයට පත්කිරීම තම අරමුණයි – මහීල් බණ්ඩාර [VIDEO]

Mohamed Dilsad

සරු බිමක් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා [VIDEO]

Mohamed Dilsad

ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment