ප්‍රමුඛ පුවත 1

පොර්ට් සිටියට වෙනුවෙන් මුහුද ගොඩ කර අවසන්

(UTV| කොළඹ) – කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම සඳහා සිදු කළ මුහුද ගොඩකිරීමේ කටයුතු අදින් අවසන් වන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ පවසයි.

එය හෙක්ටයාර 269ක භූමියකින් සමන්විත වන අතර වරාය නගරයේ මීළඟ අදියර ලෙස ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඉදිරියේදී සිදු කරන බව අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසීය.

කොළඹ වරාය නගරය අතිනවීන පහසුකම් රැසකින් සමන්විත වනු ඇති අතර නගරයේ කටුනායක හා සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයක් ද ඉදිකිරීමට නියමිත ය.

පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් චීන ජනාධිපති ෂි ජිංපින්ග් සහ එවකට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

ඒ 2014 වසරේ සැප්තැම්බර් මස 16 වන දාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

Mohamed Dilsad

ජනපති උපදේශකයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබදව පෙත්සම අනිද්දා සලකා බැලෙයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment