ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදාව භාරයට

(UTV|මන්නාරම) – උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ අද (14) උදෑසන මන්නාරම වෙරළ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදි මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයාගත් බවයි.

එහිදි, මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 302 ක්, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

මෙම මුහුදු කුඩැල්ලන් තොගය ඩිංගි යාත්‍රාවක් තුළ මලු 12 ක සගවා තිබියදි සොයා ගෙන තිබේ.

ඒ අනුව, සොයා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඔස්ට්‍රේලියාව සමග තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ DNA පරික්ෂණයටත් අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

නෑගම මුස්ලිම් මහා විද්‍යාලයේ දරුවන්ට පාසැල් භාණ්ඩ පිරිනැමේ

Mohamed Dilsad

Leave a Comment