ප්‍රමුඛ පුවත 1

ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට

(UTV|ලග්ගල) – කළුඟග ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍යය සහ මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පැවරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පැවරුණු බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෛත්‍රී පාලනයක්, තිරසර යුගයක්, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබේ.

නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පුර්ණ නව ලග්ගල නගරය දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්යය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද කළුගග මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයකි.

මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගග ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගග ජලාශයට නොදුරුව නව ලග්ගල නගරය ඉදිකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැංකු දෙකක හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ

Mohamed Dilsad

සෞඛය සේවාවේ 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

Mohamed Dilsad

හඳුනා නොගත් මළසිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment