ප්‍රමුඛ පුවත 1

නුවරඑළියට මල්තුහින

(UTV|නුවරඑළිය) – නුවරඑළිය ප්‍රදේශයට අද(06) මල්තුහින පතිත වූ බව වාර්තාවේ.

අප වාර්තාකරුවන් පැවසුවේ අද අළුයම එලෙස මල්තුහින පතිත වී තිබෙනු දුටු බවයි.

විශේෂයෙන් නුවරඑළිය නගර සභා ක්‍රිඩා පිටිය තුරඟ තරග පිටිය, ගොල්ෆ් ක්‍රිඩාංගනය ඇතුළු ස්ථාන කිහිපයකට මෙසේ මල්තුහින පතිත වි තිබේ.

අද අළුයම එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 ක් ලෙස සටහන් වූ බවද අප වාර්තාකරු පැවසීය.

මේ දිනවල අළුයම් කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලය දැඩි සීතලක් පවතින අතර නුවරඑළිය ප්‍රදේශයට    මල්තුහින පතිත වි ඇත.

එම මල්තුහින දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මේ දිනවල නුවරඑළියට සංචාරය සඳහා පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව තානාපතිවරු පස් දෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාරදෙති

Mohamed Dilsad

“පස් චමී”ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් බිරිඳත් සමඟ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

Mohamed Dilsad

අගමැතිධුරය ගැන විශේෂ ගැසට් නිවේදන දෙකක්

Mohamed Dilsad

Leave a Comment