ප්‍රමුඛ පුවත 1

විභාග අපේක්ෂකයන්ට උපරිම සාධාරණය – විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – සියලූ විභාග අපේක්ෂකයන්ට සාධාරණත්වය සහ යුක්තිය ඉටු කිරීමට විභාග දෙපාර්තමේන්තුව බැඳී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා අවධාරණය කරයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ඊට අදාළව තම දෙපාර්තමේන්තුව නෛතික වගකීමකින්ද බැඳී සිටින බවයි.

ප්‍රතිඵල නිකුත් කිරීමේදී එක් එක් විෂය ධාරා අනුව දිවයිනේ මුල් ස්ථාන හිමිකරගත් අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කරන්නේ ඔවුන් දිරි ගැන්වීම සඳහා බව එම නිවේදනයේ දැක්වේ.

මේ නිසා ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ සිසුවියක උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ලබාගැනීම පිළිබඳව අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කළ යුතු බවත්, ඇය අධ්‍යාපනය ලැබූ ස්ථානය මුල් කරගෙන එම දක්ෂතාව නොසලකා හැරියහොත් එය අසාධාරණයක් මෙන්ම, සිසුවියගේ අයිතිවාසිකම් කඩවීමක් වන බවත් විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉල්ලා අස්වුණේ රටතුළ තවත් විනාශයක් ඇතිවීම වැළැක්වීමටයි – රිෂාඩ්

Mohamed Dilsad

අජිත්ට සහ සුජීවට එරෙහිව පක්‍ෂයෙන් විනය පරීක්‍ෂණ

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වැන් රෝවෙන්ගේ මෝටර් රථයක් පොලීසිය භාරයට

Mohamed Dilsad

Leave a Comment