ප්‍රමුඛ පුවත 1

විභාග අපේක්ෂකයන්ට උපරිම සාධාරණය – විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – සියලූ විභාග අපේක්ෂකයන්ට සාධාරණත්වය සහ යුක්තිය ඉටු කිරීමට විභාග දෙපාර්තමේන්තුව බැඳී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා අවධාරණය කරයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ඊට අදාළව තම දෙපාර්තමේන්තුව නෛතික වගකීමකින්ද බැඳී සිටින බවයි.

ප්‍රතිඵල නිකුත් කිරීමේදී එක් එක් විෂය ධාරා අනුව දිවයිනේ මුල් ස්ථාන හිමිකරගත් අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කරන්නේ ඔවුන් දිරි ගැන්වීම සඳහා බව එම නිවේදනයේ දැක්වේ.

මේ නිසා ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ සිසුවියක උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ලබාගැනීම පිළිබඳව අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කළ යුතු බවත්, ඇය අධ්‍යාපනය ලැබූ ස්ථානය මුල් කරගෙන එම දක්ෂතාව නොසලකා හැරියහොත් එය අසාධාරණයක් මෙන්ම, සිසුවියගේ අයිතිවාසිකම් කඩවීමක් වන බවත් විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට සිට දින 8 ක් නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයි

Mohamed Dilsad

ඉන්දීය ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

Mohamed Dilsad

පොල් සංවර්ධන අධිකාරියෙන් අලෙවි කුටියක් විවෘත කෙරේ.

Mohamed Dilsad

Leave a Comment