ප්‍රමුඛ පුවත 1

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් කරයි…

(UTV| කොළඹ) – නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ මඟින් අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයන් හා කාර්යයන් නිවේදනය කර ඇති බවත් සඳහන් වේ.

එමෙන්ම අදාළ අමාත්‍යවරුන් බාරයේ පැවතිය යුතු දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ද අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා යටතට ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ද, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද පත් කර තිබේ.

ගැටුම් වලින් හානියට පත් දේපළ හා තැනැත්තන් පුනරුත්තාපනය කිරීම, ත්‍රස්ථවාදී ක්‍රියා වල යෙදී සිටි තැනැත්තන් නැවත සමාජගත කිරීම සඳහා ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම අග්‍රාමාත්‍යවරයාට පවරා ඇති විෂයන් හා කාර්යයන් යටතට අයත් වෙයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා යටතට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ලේක්හවුස් ආයතනය ද පවරා ඇති බව සදහන් වේ.

 

 

Related posts

නැගෙනහිර ආණ්ඩුකාර බෝගොල්ලාගමගේ බිරිඳ සහ දුව අත්අඩංගුවට ගන්නැයි නියෝග

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වෑන් සමග සිටි අනික් සිව්දෙනා නිදහස්…

Mohamed Dilsad

වත්මන් ආරක්‍ෂක තත්ත්වය ගැන දින දෙකක විවාදයක්

Mohamed Dilsad

Leave a Comment