ප්‍රමුඛ පුවත 1

නැගෙනහිර ආණ්ඩුකාර බෝගොල්ලාගමගේ බිරිඳ සහ දුව අත්අඩංගුවට ගන්නැයි නියෝග

(UTV| කොළඹ) –  රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

ඒ ඔවුන් දෙදෙනාට එරෙහිව කාන්තාවක් විසින් කුරුඳුවත්ත පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව විභාග වන නඩුවකට අද (01) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

තමන්ට පහරදීමට තැත් කළ බවට සහ රුපියල් 25,000 ක මුදලක් පැහැර ගැනීමට තැත් කළ බව පවසමින් කාන්තාවක් විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

ඊට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබූ නමුත්, ඔවුන් දෙදෙනා අද අධිකරණයේ පෙනී නොසිටි නිසා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ සංවර්ධන ව්‍යාපෘති ගැන ජනතාව දැනුවත් කිරීම මදි – ඇමති සාගල කියයි

Mohamed Dilsad

අද සහ හෙට සුළගේ වේගය ඉහළට…

Mohamed Dilsad

කුඩා තේ වතු හිමියන්ට තේ පැල නොමිලේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment