ප්‍රමුඛ පුවත 1

පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්

(UTV| කොළඹ) – පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ඒ සඳහා විනය කමිටුවක් පත් කරන බව නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණය ඉදිරි සති දෙක ඇතුළත රැස්වන මධ්‍යම කාරක සභාවේදී ගන්නා බව ද ලේකම්වරයා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, එම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි පසුගියදා රැස්වූ මධ්‍යම කාරක සභාවේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර ඒ අනුව පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ලේකම්වරයා පැවසුවේ ය.

පසුගිය 18 වන දා පාර්ලිමේන්තු රැස්වීම අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ විජිත් විජයමුණි සොයිසා , ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එක්වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්දය සලකුණු කරන අයුරු මහින්ද දේශප්‍රිය පැහැදිලි කරයි [VIDEO]

Mohamed Dilsad

මාතලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

නව කර්මාන්තශාලා සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment