ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක ඇණහිට තිබු විදුලි සපැයුම යතා තත්ත්වයට

(UTV| කොළඹ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත්කර  ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ එක් උපපොලක ඇති වූ සුළු ගින්නක් හේතුවෙන් එහි පරිපථයට බාධා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි බල සැපයුම බිඳ වැටුණු බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය.

විශේෂයෙන් කොළඹ නගර සීමාව, කොස්ගම, අතුරුගිරිය, ඇඹිලිපිටිය, බියගම, කිරිබත්කුඹුර ආදී ප්‍රදේශවලට විටින් විට විදුලි සැපයුමට බාධා එල්ල වී තිබුණි.

ගිනි ගැනීමට ලක්වූ විදුලි උපපොළ අලූත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිට පාකිස්ථානයෙන් උණුසුම් පිළිගැනීමක්

Mohamed Dilsad

ප්‍රථම විදෙස් සංචාරයට යන ජනපතිගේ දූත පිරිස අඩු කරයි

Mohamed Dilsad

සහරාන් හමුවීම පිළිබඳව රවුෆ් හකීම් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment