ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ දෙකක වෙඩි තැබීම් දෙකක්

(UTV| කොළඹ) – මාතර බෙලිඅත්ත සහ සීදුව ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

බෙලිඅත්ත ගැටමාන්න කොස්ගස්හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඊයේ(18) රාත්‍රියේ වෙඩි තබා පළා ගොස් ඇති බව  පොලීසිය පවසයි.

මෙහිදී 24 හැවිරිදි බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු තුවාල ලබා තිබේ.

ඔහු හත්බෝධිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරු කර යවා ඇත.

මේ අතර සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවක අද(19) අලුයම සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසුවේය.

සමාජ ශාලාවට පැමිණි පිරිසක් හා එහි සේවකයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් අද අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇත.

ඉන් තුවාල ලබා ඇත්තේ, 34 හැවිරිදි සීදුව රද්දොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීම සමාජ ශාලාවේ හිමිකරු විසින් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල්ගේ නඩුව කල් යයි

Mohamed Dilsad

සයින්දමරුදු වැසියන් නිවාස වලින් ඉවත් කෙරේ

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුලූ 5 ක් කටුනායකදී CID භාරයට

Mohamed Dilsad

Leave a Comment