ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව අද පස්වරුවේ රැස්වේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට රැස්විමට නියමිතය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වන යෝජනාව ඉදිරිපත් කිරීමට සුදානමින් සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙවැනි ව්‍යවස්ථාවට අනුව ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම්දීම සදහා වු යෝජනාවක් ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තාවේ.

මේ අතර කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රුස්විමක් ද අද 11.30 පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්විමට නියමිතය.

අද දිනයේ පාර්ලිමේන්තු න්‍යය පත්‍රයට ඇතුළත් කරන සෙසු යෝජනා සම්බන්ධයෙන් එම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරිමට නියමිත බව වාර්තා වේ.

අද දිනයේ ද මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා තැබෙන අතර මාධ්‍යවේදීන්ට පමණක් එය විවෘත වනු ඇත.

මේ අතර අද දිනයේ ද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කරනු ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උසස් පෙළ දෙවන වර ඇගයීම් ලබන 11 සිට

Mohamed Dilsad

විදේශගත වී සිට පැමිණෙන ඡන්ද හිමියන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

සයිටම් සිසුන්ගෙන් ජනපතිට යළිත් ලිපියක්

Mohamed Dilsad

Leave a Comment