ප්‍රමුඛ පුවත 1

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඊයේ (09) පස්වරු 5.30 ට පමණ මෙම දුම්රිය පීලිපැනීමට ලක් විය.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය පිලීපැනීමට ලක්වූයේ බණ්ඩාරවෙල හා කිණිගම දුම්රිය ස්ථාන අතර කිණිගම බිංගෙය අසලදිය.

ඒ, මාර්ගයේ පීල්ලක් කැඞී යාම හේතුවෙනි.

දුම්රිය පීලිිපැනීමෙන් මාර්ගයේ සිල්පර කොට 75 කට ආසන්න සංඛ්‍යාවකට දැඩි හානි සිදුව තිබේ.

අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොවූ අතර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අද (10) අලුයම 2.30ට පමණ අවසන් වූ බවද පාලක මැදිරිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංගමට අධි සුඛෝපභොගී බස් රථ කිහිපයක්.

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල් දැමූ නිවේදනය අත්හිටුවන ලෙසට ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

ඡන්ද ප්‍රචාරක කටයුතු ගැන කොමිසම කියන කතාව

Mohamed Dilsad

Leave a Comment