Trending News

‘සයිටම් විධායක නිලධාරියාට වෙඩි තැබීම සැලසුම් කළ එකක්’ පොලිසිය

(උදයම්,කොළඹ)  – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඔහුට ජීවිත තර්ජන ඇති බවට හුවා දැක්වීමේ අරමුණින් ව්‍යාජ ලෙස සැලසුම් කරන ලද්දක් බවට හෙළි වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,කාර්යාලය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවය.

ඔහු සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, උණ්ඩ 5ක් සහ අපරාධය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වෙනත් වරදක් සඳහා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යුද හමුදා විශේෂ බලකායේ හිටපු හමුදා සෙබලෙකුගෙන් ද ප්‍රශ්න කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එමෙන්ම සිද්ධිය සැලසුම් කළ බවට සැක කෙරෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ පළාත් පාලන ආයතනයක රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එහෙත් මොවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටින බවට තොරතුරු හෙළි වී ඇත.

මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෛද්‍ය සමීර සේනාරත්න සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට විමර්ශනයේදී හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් වෛද්‍ය සමීර සේනාරත්නගෙන් ද ඊයේ(27) දින ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිය සදහන් කළේය.

පසුගියදා මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්නට එම විද්‍යාලය අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගියේය.

මෙම වෙඩි තැබීමෙන් ඔහුට හානියක් සිදුව නොමැති අතර ඔහු ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී ඇති බව අනාවරණය විය.

Related posts

Construction of new bus stand in Mannar commenced

Mohamed Dilsad

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 82ක් මිය ගිහින්

Editor O

ஆறுகளில் நீர்மட்டம் குறைகிறது

Mohamed Dilsad

Leave a Comment