ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට පැමිණෙයි

(UTV| කොළඹ) –  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණයට පැමිණෙයි.

ඒ තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහාය.

ඊයේ (27) දිනයේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම්දී තිබූණි.

නමුත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඊයේ (27) දිනයේ එහි නොපැමිණි අතර ඔහු පවසා ඇත්තේ ඊයේ (27) දිනයට යෙදී තිබූ මහවිරු දිනය නිසා උතුර – නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂණ කටයුතුවලට තමන් එක්ව සිටි බවයි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණ ලබාදුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ල කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙහිවල – ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අදත්

Mohamed Dilsad

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියෙකු සිය දිවි නසා ගනී.

Mohamed Dilsad

Leave a Comment