ප්‍රමුඛ පුවත 1

අදත් පාර්ලිමේන්තු ආරක්ෂාවට පොලිස් කණ්ඩායම් කිහිපයක්

(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවු කළහාකාරී සිදුවීම් සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින් ඇතුළු නිලධාරීන් 20දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද ඒ අතර සිටින බවයි.

කළහාකාරී සිදුවීම්වලට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන පිළිබඳ විමර්ශන කටයුතු මේ දිනවල සිදුකරන බවද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර අදත් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගෙන ඇති අතර අවශ්‍යතාව අනුව යෙදවීමට විශේෂ කණ්ඩායම් කිහිපයක් ද සුදානම් කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොකුළූණු බද්ද රුපියල් 39කින් පහළට

Mohamed Dilsad

ජනපති සිවුදින නිල සංචාරයක් සඳහා කාම්බෝජයට

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය අදයි

Mohamed Dilsad

Leave a Comment