ප්‍රමුඛ පුවත 1

අගමැති මහින්දට එරෙහි පෙත්සම විභාගය 30 වනදා

(UTV| කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කරයි.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද(26) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ පෙත්සම ලබන 30 වනදා සහ  මීළඟ 03  වන දා සලකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නියම කළේය.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හතළිස් නව දෙනෙකු නම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මත්ස්‍ය නිෂ්පාදනය වැඩිවීමට කරදිය ධීවර අංශයේ වැඩි දායකත්වයක්

Mohamed Dilsad

ජනමාධ්‍ය ඇමති දයා සිරි යටතට

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment