ප්‍රමුඛ පුවත 1

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය එජාප සන්ධානයකට නෑ

(UTV| කොළඹ) – පවතින දේශපාලන අර්බුදය හමුවේ රජයක් පිහිටු වීමට තම පක්ෂය සහය නොදෙනා බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඉදිරි මැතිවරණ ඉලක්ක කර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ගොඩ නැගෙමින් පවතින සන්ධානයට ටී.එන්.ඒ. සහය හිමි නොවනා බවත් ඔහු පවසා ඇත.

ද්‍රවිඩ පක්ෂවල සන්ධානයක් ලෙස තමුන් ශක්තිමත් පෙරමුණක් ගොඩනගා ගෙන ඇති බවත් හෙතෙම පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වත්මන් රජය නීති විරෝධී බැවින් තමුන් එයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය පාවිච්චි කරනා බවද ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කන්ටේනර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර

Mohamed Dilsad

විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

සැකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment