ප්‍රමුඛ පුවත 1

දැදුරුඔය ඇතුලු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

(UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් රාජාංගනය, දැදුරුඔය සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.

ඒ අනුව අද (24) පෙරවරුව වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08 ක් විවෘත කර ඇති බව කියයි

මෙම තත්ත්වය හේතුවෙන් කලාඔයේ ජල මට්ටම තවමත් ඉහළ මට්ටමක පවතින බවද වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 02 යි අඟල් 06 බැගින් විවෘත කර තිබේ.

කලාඔයේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා එල්ලවී එළුවන්කුලම සපත්තු පාලම මතින් අඟල් 08 ක ජලයක් ගලා යන බැවින් එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ආපදා කළමණාකරන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

භූමි තෙල් මිල අඩුවෙයි

Mohamed Dilsad

ඩොලර් මිලියන 11කට අධික යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා රජයට භාර දීමට සුදානම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබන 24 වැනිදාට කල්යයි

Mohamed Dilsad

Leave a Comment