ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප රැස්වීම කල්යයි

(UTV| කොළඹ) – ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු අතර අද පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම කල් දමා තිබේ.

නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ඉදිරි දිනකදී එම රැස්වීම පැවැත්වෙනු ඇති බවයි.

ජනාධිපතිවරයා අද(13) පස්වරුවේ කැබිනට් රැස්විමට සහභාගිවීම හේතුවෙන් එම රැස්වීම කල් දමා ඇත බවද නිදහස් පක්ෂ මහලේකම්වරයා පැවසීය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු 341 දෙනෙකු අද කොළඹට කැඳවා තිබිණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අපනයන මත්ස්‍ය ප්‍රමාණයේ කැපී පෙනෙන වෙනසක්

Mohamed Dilsad

මුහුණු ආවරණය සහිතව පැමිණෙන්නන් පිළිබඳව පාසැල් ප්‍රධානීන්ට ලිපියක්.

Mohamed Dilsad

මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල යළි සංශෝධනයට….

Mohamed Dilsad

Leave a Comment