ප්‍රමුඛ පුවත 1

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් අද ජනතා අයිතියට

(UTV| කොළඹ) – ප‍්‍රධාන මහල් 03කින් සමන්විත මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පොළොන්නරුවේ විවෘත කිරීමට නියමිතයි.

මෙම කෞතුකාගාරය පිහිටුවීමේ අරමුණ පෞරාණික දේශීය තාක්ෂණයට අයත් කෞතුක භාණ්ඩ එක් රැස් කිරීම හා සංරක්ෂණය කිරීම වන අතර මෙය රුපියල් මිලියන 900 වියදමින් ඉදි වූ මෙරට මෑතකාලීනව සිදු කෙරුණු විශාලතම ව්‍යාපෘතියක් ලෙස හැඳින්වේ.

වත්මන් තාක්ෂණික යුගයට අයත් නවීනතම කෞතුකාගාරයක තිබිය යුතු අංගෝපාංගවලින් මෙම කෞතුකාගාරය සමන්විත බවත් මෙය
ජනාධිපතිගේ සංකල්පයක් මත පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකරන සියලු කටයුතු කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය අද

Mohamed Dilsad

මහත්මා ගාන්ධි චරිතය අධ්‍යයනය කර එහි ආදර්ශ කි‍්‍රයාවට නැංවීමට ජනපති ලෝක නායකයින්ට ආරාධනය කරයි

Mohamed Dilsad

ඔන් ලයින් ක්‍රමයට පොලිස් නිශ්කාෂණ වාර්තාව

Mohamed Dilsad

Leave a Comment