ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර තුනකට ආරක්ෂිත කැමරා

(UTV| කොළඹ) – බන්ධනාගාර තුනකට ආරක්ෂිත කැමරා සවි කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාර සඳහා ආරක්ෂිත කැමරා සවි කරන බව බන්ධනාගාර අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවසීය.

කැමරා සවි කිරීම සඳහා නිශ්චිත ස්ථාන මේ වන විට හඳුනාගෙන අවසන්ය.

මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී ක්‍රියා ඉහළ යාමත් සමග මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

මේ වසර අවසන් වීමට පෙර කැමරා සවි කිරිමේ කටයුතු නිම කිරීමට බන්ධනාගාර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘හෝම් ස්වීට් හෝම්’ණය යෝජනා ක‍්‍රමය කඩිනමින් ක්‍රියාවට

Mohamed Dilsad

එජාප විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

විදේශ භාෂා ඉගැන්වීමට උපාධි ගුරුවරුන් ගැනීම සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment