Trending News

කළුතර වෙඩි තැබීමකින් 6ක් මරුට(UPDATE)

(උදයම්,කළුතර)  – බන්ධනාගාර බස් රථයකට කළුතර ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වෙයි.

මෙම වෙඩි තැබීමෙන් පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං ඇතුලු හයදෙනෙකු මියගොස් ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන නඩුවක් සඳහා කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා පැමිණෙමින් සිටින අතරතුර බන්ධනාගාර බස් රථයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවය.

කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරියෙකුද වන බව වාර්තාවේ.

නවගමුව ඇතුලු ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන තුනක් සහ ඝාතන දෙකක් සිදුකිරීමට තැත් කිරීම, ටී 56 ගිනි අවියක් සන්තකයේ තබාගැනීම ඇතුලූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් 30 හැවිරිදි අරුණ උදය ශාන්ත පතිරණට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවේ.ඔහු කඩුවෙල – රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

க்ரோன்ப்ரி மெய்வல்லுனர் போட்டியில் 2 தங்கப் பதக்கங்கள்

Mohamed Dilsad

ஆஸியில் இலங்கை பிரஜையின் விளக்கமறியல் காலம் குறைப்பு

Mohamed Dilsad

Sydney New Year’s Eve fireworks to go ahead despite protests

Mohamed Dilsad

Leave a Comment