ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතන තුළ සාමය කඩවීමට ඉඩ නොතබන්නැයි ජනපති වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

(UTV| කොළඹ) – රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙස ජනාධිපතිතුමා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී ය.

පසුගිය දිනවල රාජ්‍ය ආයතන කිහිපයක් තුළ ඇති වූ සිදුවීම් පෙන්වාදුන් ජනාධිපතිතුමා ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙනදීමට එජාපය ප‍්‍රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන තත්ත්වයක් තුළ සියලු රාජ්‍ය ආයතනවල සාමය පවත්වාගෙන යමින් රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව රාජ්‍ය ආයතන තුළ ප‍්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතැබීම වෘත්තීය සමිති නියෝජිතයන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් තම පූර්ණ සහය පළ කරන බවයි.

අමාත්‍ය මහින්ද අමරවීර, ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම හමුවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

Mohamed Dilsad

තද අකුණු සමග වැසි තත්වය තවදුරටත්.

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට වැසි.

Mohamed Dilsad

Leave a Comment