ප්‍රමුඛ පුවත 1

කතානායකවරයා අද පස්වරුවේ ජනපති සමුවීමට සුදානම්

(UTV| කොළඹ) – කථානායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුව අද (31) පස්වරු 5 ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

(UTV| කොළඹ) – කථානායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් අද (31) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

කථානායකවරයා සහ පාර්ලිමේන්තු පක්‍ෂ නියෝජිතයන් පිරිසක් සමඟ ඊයේ (30) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී කරන ලද ඉල්ලීමක් සලකා බලා ඒ මහතා මෙම තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ මෙහිදී සාකච්ඡා කිරීමටත් නියමිතව ඇත.

මේ වන විට රට තුළ මතුව ඇති අස්ථාවර භාවයට විසඳුම් ලබාදීමට තමන් උපරිමයෙන් මැදිහත් වන බව මෙහිදී කථානායකවරයා පක්ෂ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඊයේ පැවති සාකච්ඡාවට සහභාගිවූ නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය සරත් අමුණුගම සහ ආචාර්ය විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් ඇතුලු පිරිස නව අගමැතිවරයෙකු පත් කිරීම සහ පාර්ලිමේන්තුව කල් තැබීම නීත්‍යානුකූලව සිදුව ඇති බවට කරුණු දක්වා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිරිපා වන්දනා සමය උඳුවප් පෝ දිනයෙන් ඇරඹේ

Mohamed Dilsad

නාලක සිල්වා තේරීම් කාරක සභාව හමුවට.

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ලංකාවට විශාල ණය මුදලක්

Mohamed Dilsad

Leave a Comment