ප්‍රමුඛ පුවත 1

නාලක සිල්වා තේරීම් කාරක සභාව හමුවට.

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන සතියේ කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට එහි හෙළිව ඇති තොරතුරු පිළිබඳව කරුණු විමසීමට අදාළ කැඳවිම සිදු කෙරෙන බවත් පැවසේ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුතු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉකුත් බදාදා සාක්ෂි විභාගය ආරම්භ කරනු ලැබීය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 ජූනි මස 02 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වශයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගනු ලැබූ වරෙන්තුව සහ ඉන් පසුව අනුගමනය කළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති යලි දිවයිනට

Mohamed Dilsad

යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කරයි

Mohamed Dilsad

ශ්‍රීලනිපය – පොහොට්ටුව ඇතුළු දේශපාලන පක්‍ෂ ගිවිසුම් ගතවෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment