ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපය – පොහොට්ටුව ඇතුළු දේශපාලන පක්‍ෂ ගිවිසුම් ගතවෙයි [VIDEO]

(UTV | කොළඹ) –  නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා වන ගිවිසුමට අද පෙරවරු 10. 17ට යෙදුණු සුබ මොහොතින් අත්සන් කරනු ලැබීය.


(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහාවන ගිවිසුමට අස්සන් තැබීම අද(31) සිදු කිරීමට නියමිතය.

මෙම ගිවිසුමට අස්සන් තැබීම අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැත්වේ.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම දේශපාලන පක්ෂවල නායකයින් සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ 15ක් මෙම ගිවිසුමට අස්සන් තැබීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව ඉදිරි මැතිවරණවලදී මෙම සන්ධානය පුටුව ලකුණින් තරඟ වැදීමට නියමිත බවද වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට කොළඹ වරාය පැමිණෙයි

Mohamed Dilsad

වෙබ් අඩවියකට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment