ප්‍රමුඛ පුවත 1

නාමල්ගේ නඩුවට දින නියම වෙයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයට උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් N.R. consultancy සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල මාර්තු මස 7 වනදා කැඳවීමට  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ එම පරීක්ෂණවලට අදාළ වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපති  උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

ඒ අනුව පැමිණිල්ල මාර්තු මස 7 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලීසියට දැනුම් දුන්නේය.

ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයට උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් N.R .consultancy සමාගම යෙදවිම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ  වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව පොලීසිය මෙම පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අභියාචනයේ තීන්දුව අද

Mohamed Dilsad

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් සැරයන්වරයා රිමාන්ඩ්.

Mohamed Dilsad

සංචාරකයන් සඳහා කෘෂි උද්‍යානය හා කෞතුකාගාරයක්

Mohamed Dilsad

Leave a Comment