ප්‍රමුඛ පුවත 1

ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක්

(UTV| කොළඹ) – කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමී ව පැවති ප‍්‍රදර්ශනයේ දී මෙම රොකට්ටුව ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වූ අතර, එහිදී සිසුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා එම රොකට්ටුව වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දෙන බවත්, රොකට්ටුව ගුවන්ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවත් සඳහන් කළේ ය.

ඒ අනුව එහි ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් පළමු අදියර ලෙස මෙම රුපියල් ලක්ෂ 10ක මුදල ලබා දීම සිදු කෙරිණි.

එමෙන්ම ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික නිලධාරීන් ද මෙම අවස්ථාවට කැඳවා තිබුණු අතර රොකට්ටුව ගුවන් ගත කිරීම සඳහා ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට උපදෙස් දුන්නේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරීන් 31,000 කට උසස්වීම් [VIDEO]

Mohamed Dilsad

එජාපය හා ශ්‍රීලනිපය අභිබවා ජවිපෙ වැඩිම ආදායම් ලබන පක්ෂය වෙයි

Mohamed Dilsad

කරාපිටියේ වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට

Mohamed Dilsad

Leave a Comment