ප්‍රමුඛ පුවත 1

එජාපය හා ශ්‍රීලනිපය අභිබවා ජවිපෙ වැඩිම ආදායම් ලබන පක්ෂය වෙයි

(උදයම්, කොළඹ) – 2015 වර්ෂය අවසානයේදී මෙරට දේශපාලනය තුළ පොහොසත්ම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක් මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති මූල්‍ය වාර්තා වලට අනුව , 2015 වර්ෂය අවසන් වන විට ජනතා විමුක්ති පෙරමුණේ ආදායම රුපියල් අට කෝටි හැත්තෑ ලක්ෂ අනුහයදහස් තුන්සීය විසිදෙකක් වන බව එම සංවිධාන සඳහන් කරයි.

එසේම එම වර්ෂයට අදාළව එක්සත් ජාතික පක්ෂයේ ආදායම රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂ දාහත්දහස් හාරසීය අසුහයක් බවත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදායම එක් කෝටි අනූ හත් ලක්ෂ අනුහයදහස් නවයක් වන බවද කැෆේ සංවිධානය වැඩි දුරටත් පෙන්වා දෙයි.

Related posts

සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහලට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

Mohamed Dilsad

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

පස්වරුවේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment